වැස්සක්ව වැටෙන තුරු | Wassakwa Watena Thuru
Couldn't load pickup availability
"Loving isn't difficult" what's truly hard is finding the right person to receive your love.
එ සුදු කොළයේ මා අතින් එසේ ලියවී තිබිණ. ඉනින් කාට හෝ ආදරය කිරීම.. එය කිසිදා දුෂ්කර කාර්යයක් නොවීය. මගේ හදවත සෑම විටම දන් දෙන්නේ කෙසේදැයි දැන සිටියේය. සම්පූර්ණයෙන්ම, නිර්භීතව සහ කොන්දේසි විරහිතව ආදරය දෙන්නට එය සූදානම්ය. සැබවින්ම දුෂ්කර දෙය නම් එ ආදරය දකින. රකින සහ එය මෘදු ලෙස අල්ලාගෙන, මා සමග රැඳෙන්නට සුදුසු එකම ආත්මය සොයා ගැනීමයි. එය ප්‍රවේශමෙන් කළ යුත්තකි. කිමද යත්, අපව බිඳ දමන්නේ ආදරය කිරීමේ ක්‍රියාව නොවන බවත්, එය වැරදි අන්වලට හසු වීම බවත් මම දැන සිටි නිසාවෙනි. අවසානයේදී මගේ ආදරය ලැබීමට සුදුසු ගැහැනිය හමු විය. නමුත් මෙය මේඝනාට තේරුම් කරනා හැටියක් මම නොදැන උන්නෙමි. ඈ මුරණ්ඩුය. මගේ සියලු ආත්ම පොපොච්චාරණයෙන් අසා උන්නද කිසිම මොහොතක ධනාත්මක පිළිතුරක් නොදෙන්නීය.
"ඔයා මොනවද මට කියන්න හදන්නේ නේත්‍රා"
එවැනි බැරෑරුම් කතාබහක් අතරතුර හිටි ගමන් ඇගේ ඇස් එලෙස විමසයි. මම වී පැනයට ඉක්මනින් පිළිතුරක් දිය යුතුව පිළිතුර තිබිණි.
"ආදරේ නරක නෑ, සමහර මිනිස්සුයි නරක."

