Skip to product information
1 of 2

උරා ගන්නා ළපටි මනස | Ura Ganna Lapati Manasa

Regular price Rs 730.00
Regular price Sale price Rs 730.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

උපත ලබා වසර කීපයක් තුළ දී මානව පෞරුෂයේ හැම අංගයක්ම ස්වයංකාරී ලෙස ගොඩනඟා ගෙන තහවුරු කර ගන්නට සමත් වන සිඟිති දරුවා ගේ අනූපම මානසික ශක්තිය පැහැදිලි ලෙස විවරණය කැමරන කෘතියෙකි.
මිනිස් දරුවාගේ ස්වයං සංවර්ධනය සිදු වන (උපතේ සිට සවන වසර තෙක් වූ) මේ ස්වර්ණමය අවධියේදී, වැඩිහිටියන්ට ඔහුගේ චරිත සංවර්ධනයට සහාය විය හැකි ආකාරය ආචාර්ය මොන්ටිසෝරි මැතිනිය මෙහි සවිස්තරව පෙන්වා දෙයි.
උපතේ සිට මිනිස් ජීවිතයට උදවු කිරීමේ යතුර පිරිනැමීමෙන් විශ්ව අධ්යාපනයට මේ කෘතිය අගනා මෙහෙයක් සලසයි. දරුවා ගේ මහා නිර්මාණාත්මක ශක්තිය සහ වැඩිහිටියා ගේ ඊනියා බල පරාක්රමය අතර ඇති ප්රතිවිරෝධය මෙහි පැහැදිලි ලෙස පෙන්වා දී ඇත.
දරුවා සියල්ල උකහා ගනිමින් තනිවම තම ජීවිතය පරිපූර්ණ බවට පත් කර ගන්නා මේ විශිෂ්ට අවධියේ, සෙසු ලෝකය හා එක්ව වැඩිහිටියා, ඔහුගේ නිර්මාණ කරණයට හරස් වන ආකාරය කාගේත් අවධානයට යොමු විය යුතුය.

View full details
Ratings
Full view