Skip to product information
1 of 2

තුරුම්පු මගේ අතේ | Thurumpu Mage Athe

Regular price Rs 1,250.00
Regular price Sale price Rs 1,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හෙල්ගා රොල්ෆ් ගෞරී, පැහැපත්, ඉතා රූමත් එමෙන්ම පවුම් මිලියන ගණනක වටිනාකමක් සහිත ව්යාපාර අධිරාජ්යයක් පාලනය කිරීමට තරම් දැනුමක් ඇති යුවතියකි. එහෙත් ඇයට ආවේනික රහස් දුර්වලතාවය නම් ලිංගික ආශාව පාලනය කර ගැනීමේ නොහැකියාවයි. ඇගේ හිටපු පෙම්වතකු වෙන ආචර් ඒ බව හොඳින් දනී. ඔහුට ඇය සමග බේරා ගත යුතු පැරණි ගනුදෙනු කීපයක් ඇත. එසේම ආචර් දැඩි මුදල් අවශ්යතාවයකට ද මුහුණ දී සිටින්නෙකි. ආචර් හට කඩවසම් ගිගෝලෝ, ක්රිස්ටෝපර් ග්රෙවිල් මුණ ගැසීමෙන් පසු ඔහු පහසුවෙන් මුදල් ලබා ගත හැකි ක්රමෝපායක් ක්රියාත්මක කරන්නට පෙළඹෙයි.
ආචර්ගේ මග පෙන්වීම අනුව හෙල්ල්ගාට තමා නැතිවම බැරි තත්තවයකට පත් කර ව්යාජ විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ක්රිස් පියවර ගනී. මේ අතර ක්රිස් පැහැර ගැනීමකට ලක් වන අතර හෙල්ගා අති විශාල කප්පම් මුදලක් ගෙවීමට එකඟ වෙයි. ඒ අතර ප්රාදේශීය මාෆියා කණ්ඩායමක් තත්ත්වය තම අතට ගනී. තම විශ්වසනීය ගෘහ පාලක හින්කල්ගේ මැදිහත්වීම මත හෙල්ල්ගාගේ මුදල් රැක ගැනීමට මෙන් ම බහු විවාහකයකුගෙන් ගැලවීමට ද තරම් හෙල්ගා වාසනාවන්ත වෙයි

View full details
Ratings
Full view