තිමිර සඳ | Thimira Sanda
Regular price
Rs 1,500.00
Regular price
Sale price
Rs 1,500.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
විටෙක හන්තානට හිරු පායන අයුරු බලාගෙන දෙදෙනා මේ අක්බාර් පාළම මත සිටියහ. විටෙක හන්තාන මිදුමෙන් වසාගෙන වැහි වහින අයුරු බලමින් දෙදෙනා මෙහි සිටියහ. බොහෝ රාත්‍රීන්හි හන්තාන අහසේ පායන තරු ගණන් කරන්නට, තරු දෙස බලාගෙන කතා කියන්නට ඔවුන් මෙහි ආහ.
ඉදින් පහළින් ගලා බසින මහවැලිය, ඈතින් වූ හන්තාන කඳු වැටිය, ෆයිනස් ගස් පෙළ, රොබරෝසියා පමණක් නොව නේක විධ වෛවර්ණ මල්, කොළ පාටම වෙළාගත් සීතල පරිසරය මේ සියල්ල අද හිතුවක්කාර සඳ වෙනුවෙනුත් ඔහුගේ රොබරෝසියා මල වෙනුවෙනුත් ප්‍රේමනීය ගීතයක් මුමුණනු ඇත. ප්‍රේමයෙන් එක් වන, ඒ ප්‍රේමයෙන්ම වෙන් වන, සතුට මිහිර විඳින, සෝ සුසුම් හෙළන රොබරෝසියාව ප්‍රේමවන්තයින්ගේ තෝතැන්නක්මය.
රොබරෝසියාවට ආදරෙන්...

