Skip to product information
1 of 2

සුනඛ ආර්යා | Sunakha Aaryaa

Regular price Rs 950.00
Regular price Sale price Rs 950.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ළය පාරන අවතාරරූපී රාත්රී කතාවක් ලෙස දිග හැරෙන්නේ රංජිත් ජයසිංහ නම් වූ මියගිය ඉංග්රීසි පුවත්පත් කතුවරයකුගේ ද්රවිඩ වැන්දඹු බිරිය වූ ප්රියා නම් තවත් පුවත්පත් කලාවේදිනියකගේ අනුරාගී හුදකලා දිවි පුවතයි. ප්රියා තම වැන්දඹු දිවිය යුතු කොළඹ, ජාතිවාදයේ නැඟීම හා උතුරේ යුද්ධයේ විපාක අත්දකින ශෝකී පශ්චාත් - අගනගරයක් ලෙස චිත්රණය වේ.

සිය සැමියාගේ සමීප හිතවතියකව සිටි ආදිත්යයා නම් තරුණ දන්ත වෛද්යවරියකි. වාමාංශික නැඹුරුකම් අත්හැර ජාතිවාදයට නැඹුරු වූ ආනන්ද සමරසේකර නම් සිංහල ලේඛක රත්නයකි. ඉංග්රීසි පුවත්පත් කලාවේ මුලකුරු කියවන අතරේ අනතුරුදායක උතුරු යුද කලාපවල හිතුවක්කාර ලෙස සැරිසරමින් සිට පිනීවාහි දේශපාලන රැකවරණ සොයා යන ෆරීඩා සහ හදිසියේ අතුරුදහන් වන දිනේශ් උදුල් නම් තරුණ පෙම්වතුන් යුවළකි. සම්භාව්ය ලිබරල් පුවත්පත් කලාවේ අවසානය සලකුණු කරමින් කොළඹ පත්තර සමාජයෙන් සමු ගන්නා මර්වින් මැතිව්ස් නම් පුවත්පත්කලාවේදී පාඨකයෙකි. ප්රියාගේ නොමසුරු සත්කාර ලබන රාත්රී විථි සුනඛ ප්රජාවකි.

සිංහල ප්රබන්ධයට අලුත් ක්ෂිතිජ යෝජනා කරන්නා වූ මේ නව්යතර චරිතයෝ අධිසැර විද්යුත ධාරා සේ මතු වෙත්. භාව කාව්යමය ලෙස අනුවේදනීය අතීත ස්මරණ හා සමතැන් ගන්නේ කොළඹ මධ්යම රාත්රී ජීවිතය යි.

ප්රියා තම විවාහයට අත්සන් කළ මහා ලේඛකයා කලකට පසු දකින්නේ යෝධයකු ලෙස නොව අඟුටුමිට්ටකු ලෙසිනි. එය මානවවාදය හා අගනාගරිකව බිඳ වැටුණු ලොවක මිනිස් සුසුම හා භෞම - දේශපාලනික විලාපය ලෙස සැලකිය හැකිය.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view