Skip to product information
1 of 2

සුළග නුබ සහ මම |Sulaga Nuba Saha Mama

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

බොරු කියන්න ඕන නෑ, ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතල තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැන ගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්, පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා.
මට ආදරේ අහිමි වුනේ පොඩි කාලෙදිමයි. අම්මා මාවයි තාත්තවයි දොලා ගියාට පස්සෙ අපි දෙන්නා ගෙදර තනියම හිටියේ. අපි කතා කලේ නෑ. හිනා වුනේ නෑ. එයා එයාගේ ලෝකේ. මං මගේ ලෝකේ. අම්මගෙ ආදරේ බිදුනට පස්සෙ, මං තාත්තගෙන් ආදරයක් බලාපොරොත්තු වුනේ නෑ. මට හිතුනෙම ඒ දෙන්නා මාව හැදුවා නෙමෙයි. මං ඉබේ හැදුනා කියලා. මිනිස්සු අතරේ හැගීම් සහ බැදීම් තියෙනවා කියලා මට විශ්වාසයක් තිබුනේ නෑ. මං පොඩි කාලේ ඉදලම කොටවත් අවංක වුනේ නෑ. කොටවත් ආදරේ කලේ නෑ. කිසිම කෙනෙක් ගණන් ගත්තෙ නෑ. ඒ තමයි මගේ මදාවි නහර ගතිය. මං හිතන්නෙ, ඔයා මට ආදරේ කරන්න කලින් අනුකම්පා කලා. මං ඒකට කැමැත්තකින් නෙමෙයි හිටියේ.

View full details
Ratings
Full view