සොල්ට්මාෂ් අබිරහස | Soltmash Abirahasa
Couldn't load pickup availability
වෝහාරික පුරා විද්යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියන් අතර පූජතීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාෂ් නම් වගුරුබිම් පෙදෙසේ ජීවත් වන්නීය.
අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමු වීමත් සමඟිනි.
පොලිස් රහස් පරීක්ෂක අංශ ප්රධානී හැරී නෙල්සන්, රූන්ගේ සහාය පතන්නේ, ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල, ලුසී ඩොනි' නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු, හැරී නෙල්සන්ව සමව්චලයට ලක් කෙරෙමින් අරුම පුදුම ලිපි පෙළක් ලැබී ඇත.
අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
ඒ එකම ඝාතකයාද? නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

