Skip to product information
1 of 2

සිරි පා සිරි විදෙස් ඇසින් | Siri Pa Siri Wides Asin

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ජයන්ත විජේරත්නයන්ගේ, සිරිපා සිරි විදෙස් ඇසින් නම් කෘතිය ඉතිහාසඥයෙකුගේ දෘෂ්ටි කෝණයකින් මූලාශ්ර පරිහරණය කරමින් සරල සුගම බස් වහරක් භාවිතා කරමින් සම්පාදිත අධ්යයනයක් වේ.
ඓතිහාසික සිහිගිරි රාජධානියේ ජම්ම ලාභය ලැබ. සබරගමුවේ රත්නපුර තම ස්ථිර නිවස්නය කර ගනිමින්, වසර 38 ක පුරාවිද්යා සේවයෙන් ඉසිඹු ලැබුවේ. මෙයට වසර කිහිපයකට පෙර ය. අතීතයේ නිරත වූ, ශාස්ත්රීය කටයුතු වලින් ඔහු තවමත් බැහැර වී නොමැති බව මෑත කාලයේ ඔහු විසින් සම්පාදිත ග්රන්ථ මාලාවම කදිම සාක්ෂියක් වේ. පූජ්ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් විසින් සබරගමුවේ අතීතය ගවේෂණය කර සම්පාදිත නිබන්ධයගෙන් පසුව, ඉතිහාසඥයෙකු, ගවේෂකයෙකු, විචාරකයෙකු සහ ජනමාධ්යවේදියෙකු ලෙස, මුලාශ්ර පරිහරණයෙන් සහ සහභාගිත්ව නිරීක්ෂණයෙන් යුතුව රැස්කරගත් තොරතුරු විචක්ෂණ ශීලි බවකින් යුතුව ඉදිරිපත් කිරීමට දක්වා ඇති කුසලතාවය ඔහු විසින් සම්පාදිත ග්රන්ථ පරිශීලනය කරන්නෙකුට මැනවින් වැටහේ.
ශ්රී පාදස්ථාන අතීතය පිළිබඳව සමාජීය, සංස්කෘතික, ආර්ථික හා ආගමික දෘෂ්ටි කෝණයන්ගෙන් යුතුව විවිධ මාතෘකාවන් යටතේ විදෙස් ලේඛකයන් විසින් සම්පාදිත ග්රන්ථ, වාර්තා සහ අධ්යයන මෙහි දී ඔහු පරිශීලනය කර ඇත.
රත්නපුරයේ යට ගියාව පිළිබඳව අනාගත පර්යේෂකයන් හට විශ්වසනීය සාක්ෂි ලෙස පරිශීනය කළ හැකි ග්රන්ථ මාලාවක් සම්පාදනය කර තම දැනුම අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ජයන්තවිජේරත්න මහතාට මගේ කෘතඥතාවය පුදන අතර ඉදිරියේදීත් මෙවැනිම ශාස්ත්රීය ග්රන්ථ රැසක් මතු පරපුරට දායාද කිරීමට හැකි වේවායි චිර ජීවනය ප්රාර්ථනා කරමි.

View full details
Ratings
Full view