සිරකාරිය | Sirakaariya
Couldn't load pickup availability
Victoria Holt
THE CAPTIVE
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුදු කුමන්ත්‍රණ අත්විඳීමට යන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත් වීමටත් සිදු වේ. ඒ සෑම අවස්ථාවකම, තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකුගේ දිවිය සමග බැඳී ඇති බව ඇය සොයා ගනියි.
ලූකස් ලොරීමර් ආකර්ෂණීය, ප්‍රයෝගික සහ සර්වදෝෂදර්ශී පුද්ගලයෙකි. ගුප්ත පුද්ගලයෙක් වෙන ජෝන් ප්ලේයර් අබිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි. අහඹු ලෙසින්, ඔවුන් දෙදෙනා ගම්බද ප්‍රදේශයේ අසල්වැසියෝය. ආබාධිත ලූකස් බැලීමට යන අතරවාරයේ රොසෙටා හට සත්‍යය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි.
ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන් මෙතරම් කලක් එකට මුහුණ දුන් ඕනෑම විස්මයාකාර වික්රමයක් සේම භයානකය...

