සින්ඩර් | Sindar
Couldn't load pickup availability
තහනම් ආදරයක්... මාරාන්තික වසංගතයක්…
පෘථීවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි...
නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්ර සූත්ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි.ඇගේ කුඩම්මාගේ දරුණු නිග්රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළෙඳෙන රෝගයත් ඇගේ වරදින් සිදු වූවක් බවට දොස් අහන්න සිදු වෙයි.නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමඟ එකට එක්ව වෙළෙන වේලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමක් භයානක පෙළඹවීමක් අතර වු දරුණූ සටනකට ඇය මැදි වෙයි.
සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි.දැන් පෘථීවියේ අනාගතය සුරැකීමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වු රහස් හෙළි කර ගත යුතුය.
මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ.
නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

