සත්‍ය ගවේෂක 2 | Saththya Gaweeshaka 2
Couldn't load pickup availability
''සත්‍ය ගවේෂක පුරාවෘත්තය''
තෙවැනි ඕඩින් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන් බටහිර දේශයේ සිට මධ්යම දේශයට සංක්රමණය වන සත්ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්, මහා මායාකරුටත් මුහුණ පෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.
රිචර්ඩ්, සියලු ගැටලු විසඳා ගත යුතුය. ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවි ලෝකයේද අවසානය වන බවට සැක හැත. ඉදින් සත්යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා. සැකිලි ගැහැනිය ඇඩීගේ ප්රහේලිකා වලට විසඳුම් සොයා ගැනීමට සමත් වේද?
සෙවණැලි ජීවින් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට, රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්, ඕඩිඩ්න් පෙට්ටිය තිබෙන්නේ කොතැනදැයි සොයා ගැනීමට ඔහුට හැකි වනු ඇතිද? ශෝටාගේ මායාකාර් බලවේග අයස කේලන් විමංසිකාව මුහුණ දුන් ඛේදනීය ඉරණම කරණ කොටගෙන රි වර්ඩ් සයිපර් ඉදිරියට යා යුත්තේ හුදෙකලාවමද?
රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ගෙඩිකස් ශූල් ශොරැන්ඩර්, හිතවත් මතුරා චෙස්ද සමඟින් ලෝකය බේරා ගැනීමේ අභිලාෂයෙන් විරත්වයෙන්ද, ත්‍රාසයෙන් ද, කුතුහලයෙන්ද, උද්වේගයෙන් ද පරිපූර්ණ වූ ඉතා දීර්ඝ සංචාරයකට අවතීර්ණ වූහ.

