සත්‍ය ගවේෂක 1 | Saththya Gaweeshaka 1
Couldn't load pickup availability
''සත්ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි''
අයිඩ්රින්ඩ්රිල්හි පුරාණ ග්රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව. අඳුරු කාල පරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස් චක් ශ්රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත්යයේ අසිපතද සමඟින් හේ ලෝකයට විමුක්තිය රැගෙන වනු පිණිස ජිවිත පුජාවෙන් යුතුව සටන් වදී.
අඳුරු කාලය පැමිණිණි. ඩ'හරානු දේශයේ කුරිරු පාලක ඩා කන් රාල්, ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත්රිත්වය සොයා යන් සිටින විට, සත්ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා - බාධකය තරණය කොට බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි. පළමුපෙළ මායාකාරයා නම් කරන සැබෑ සත්ය ගවේෂකයා කවුරුන් විය හැකිද? සැබැවින්ම ඔහු කුරීරු ඩා කන් රොල් පරදා. අන්ධකාරයෙන් වැසීගිය ලෝකයට ආලෝකය රැගෙන ඒමට තරම් ශක්ති සම්පන්න අයෙකු වනු ඇතිද?
දෛවයත් ඉරණමත්, ධෛර්යය හා ප්රඥාව විසින් තීරණය කරන කල සියලු මායාවන්, සත්යයේ අණසකට නතු වන්නේය. ශෙඩිකස් ශූ'ල් රැන්ඩර්, රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල් ආදී සියල්ලන් ඔවුන්ගේ වීරත්වයෙන්ද, ත්රාසයෙන්ද, උද්යෝගයෙන් හා කුතුහලයෙන් ද පිරි දීර්ඝ වික්රමාන්විත සංචාරය තුළ යථෝක්ත සත්යතාවය ඔබට පහදාදෙනු නිසැකය.

