සැත් පත්තිනි | Sath Paththini
Couldn't load pickup availability
මිනිසා මවා අවසන් කර ආපසු යන්නට සැරසුණු
මැවුම්කරු දුටුවේ අනන්ත රාගය හා පරම විරාගය
තවමත් ඔහු ගෙනා කූඩය තුළ ඉතිරිව ඇති බවයි.
උභතෝකෝටිකයක සිර වූ මැවුම්කරු, විරාගය හා
රාගය එකට දමා දෑතේ නොඇලෙන පදමට සැකසුවේය.
එය ගුළි දෙකක් ලෙස සැකසූ මැවුම්කරු ඒවා පපුව
දෙපස අලවා යන්නට ගියේය.
ක්‍රිශාන්ත කුඩාකේශර අතගැසුවේ මේ සම්මිශ්‍රණයටයි.
ඔහු කවුද? ඔහුට රාගය, විරාගය වෙන් කරගත හැකි
වේවිද? පිළිකා ශල්ය විශේෂඥ වයිද්‍යවරයාගේ
සල්ලාලකම, ඇය පත්තිනි දෙවොලක පූජාසනයක
හිඳුවා පුදකිරීමට ඔබට ඉඩ ලබාදේවිද යන්න සැකෙවින්
කිව නොහැක.
මරාගත් මුවා කෙරෙහි වඩාත්ම ප්රේම කරන්නේ වැද්දා
බව සැබෑව. එනිසා වැද්දා තුළ ප්‍රේමය නැතැයි කීමට
ඉක්මන් නොවිය යුතුය. ප්‍රේමය, විරහව ආදී එකි මෙකී
නොකී වචන වලට අරුත් දෙන්නට වෙර දැරීම
පසෙකට දමන්න. හිස් මුදුන පසු කර ගසාගෙන ගිය
වලාකුළ යළිත් සොයා යා යුතුද? නොයා යුතුද?

