Skip to product information
1 of 2

සර්ප උගුල | Sarpa Ugula

Regular price Rs 1,650.00
Regular price Sale price Rs 1,650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ සියලූ දේම දැන් අවිශ්වාසය හා අපකීර්තිමත් සිදුවීම්වල සෙවණැල්ලෙන් වැසී ගොස්ය. මෑතකදී සිදු වූ ඇගේ අම්මාගේ මරණයත් සමග එඩින්බර්ග්වල ගත කළ ඇගේ ප්රීතිමත් තරුණ කාලය අතුරුදහන් වී ගියේය. ඇගේ තාත්තා බොහෝ වෙනස් කෙනෙක් වූ බවක් පෙන්නුවේය. නිවෙසේ නැවතී උගන්වමින් සිටි ඩවීනාගේ ආදරණීය ගුරුතුමිය නොසිතූ මොහොතක රැකියාවෙන් ඉවත් කර දැමූ වේලාවේ එම තනතුරට කෙනෙකු කවදාවත් බලාපොරොත්තු නොවෙන අන්දමේ කෙනෙකු බඳවා ගනු ලැබුණේය. රතු පැහැති කොණ්ඩයක් සහිත, ජීවයෙන් පිරුණු සිල්ලා ග්රේ අලූත් ගුරුතුමිය වූවාය. නිවෙසේ නතර වූ ඇය අලූත් මිසිස් ග්ලෙන්ටයර් බවට පත් වූවාය. එම අවුරුද්දේම ඩවීනාගේ තාත්තා මිය ගියේය. එයට චෝදනා ලැබුවේ ඩවීනා ය.
එම මිනීමැරුම සිදු කිරීමට ලැබුණු ඉඩකඩ, එවැනි දෙයක් කිරීම පිටුපස ඇති අරමුණ, එවැනි දෙයක් කළ හැකි මාර්ගය යන සෑම දෙයක්ම වරදකරු බවට පත් කළේ ඩවීනාවය. ස්කොට්ලන්ත අධිකරණයෙන් ලබා දෙන නොපැහැදිලි නඩු තීන්දුව, එනම් ඇගේ වරද ”ඔප්පු වී නැත” යනුවෙන් පවසමින් ඇයට නිදහස ලබා දීම, ඩවීනා ඕපදූප හා ඇනුම්පදවලින් පිරුණු ජීවිතයක ගොදුරක් බවට පත් කරන්නේය.
අප්රිකානු යටත් විජිතයකට යෑම තරම් අතීතයෙන් බේරී පලායන්න වෙන හොඳ විසඳුමක් වන්නේ කවරක්ද? එහිදී ඇය එහි සිටින ධනවත් හා කඩවසම් දේශීය ව්යාපාරිකයකු වෙන රෝජර් ලෙස්ට්රේන්ජ් විශ්වාස කරන්න පටන් ගන්නීය. ඒත් සමගම ඇය අබිරහස් අන්දමින් අසනීප වෙමින් සිටින ඔහුගේ බිරිඳගේ යෙහෙළියක් බවට පත් වන්නීය. අන්තිමේදී ඩවීනාට අලූත් ජීවිතයක් අරඹන්න අවස්ථාවක් ලැබී ඇති බවක් පෙනෙන්නේය. බෝයර් යුද්ධය පටන් ගැනීමත් සමගම ඩවීනා සදහටම වැළලී ගියා කියා සිතූ රහස් නැවතත් මතු වෙන්න ඉඩක් ඇති බව දැකීමත් සමගම ඇගේ ආරක්ෂාව නැවතත් අනතුරට ලක් වන්නේය. දැන්, ඇගේ කීර්තිය පමණක් නොවේ ජීවිතය පවා අවදානමට ලක් වී ඇත්තේය.

View full details
Ratings
Full view