Skip to product information
1 of 2

සමුදුරු විලාපය | Samuduru Wilapaya

Regular price Rs 1,650.00
Regular price Sale price Rs 1,650.00
Sale Sold out
Shipping calculated at checkout.

සමුදුරක් අසල බන්දිරයක වෙසෙන සොයුරියන් දොළොස් දෙනෙක් ශාපයට ලක් වෙති.

 ඇනලී සිය සොයුරියන් සමග හයිමෝ මන්දිරයෙහි සුරක්ෂිත ජීවිතයක් ගත කරයි. වරක් සොයුරියෝ දොළොස් දෙනෙක් සිටියහ. එනමුදු, ගැහැනු ළමුන් සතර දෙනෙකුගේ ජීවිත අකාලයේ අවසන් වූ බැවින් දැන් මන්දිරයෙහි විසල් ශාලා හුදෙකලාවෙන් පිරි පවතී. එම සෑම මරණයක්ම පෙර මරණයට වඩා ඛේදනීය විය.

 තමන්ට දක්නට ලැබෙන අවතාරමය දර්ශන සමුහයක් හමුවේ විපිළිසර වෙන ඇනලී තම සොයුරියන්ගේ මරණ හදිසි මරණ නොවේ යන සැකයෙන් පෙළෙන්නීය. මෙම ගැහැනු ළමෝ සෑම රාත්රියකම ජෝතිමත් ආලිංගන නැටුම්වලට සහභාගී වීම උදෙසා මන්දිරයෙන් රහසින්ම පිටතට ගියහ. ඔවුහු සේද ගවුමින්, දිලිසෙන සපත්තු වලින් සැරසී අරුණෝදය වෙනතුරුම නර්තනයෙහි යෙදුණහ. ඔවුන්ව නතර කිරීමට උත්සාහ කළ යුතුද, නැත්නම් ඔවුන්ගේ තහනම් රහසිගත හමුවීම් වලට තමන් ද එකතු විය යුතු දැයි ඇනලී හට සිතා ගත නොහැකිය. කීමද ඔවුහු සැබැවින්ම නර්තනයෙහි යෙදෙන්නේ කවුරුන් - නැත්නම් කුමක් - සමගද?

 තමන්ගේම කියා රහස් සහිත අබිරහස් ආගන්තුකයකු සමග ඇනල් ඇති කර ගන්නා බැඳීම වර්ධනය වීමත් සමග මීළඟට ඇයවත් ගොදුරක් කර ගැනීමට පෙර ඇගේ පවුල වසා පැතිරෙන අන්ධකාරය පිළිබඳ තතු සොයා ගැනීම වඩාත් ඉක්මනින් සිදු කිරීමට සිදු වේ.

 ''සමුදුරු විලාපය'' යනු මායා බලය සහ දිගු, අඳුරු බරාඳ ඔස්සේ ඇසෙන සිනිඳු සායවල සර සර හඬෙන් පිරුණු, ආකර්ෂණීය නවකතාවකි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review