රෙඩ් වයිට් & රෝයල් බ්ලූ | Red, White & Royal Blue
Couldn't load pickup availability
ඇලෙක්ස් ක්ලෙයා මොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්රයාය.
කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැඟී එන තරුවකි.
හෙන්රි... සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණයන්ගේ සිහින කුමාරයාය.
එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණ ගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා අසම්මත' යැයි පිළිගැනෙන ප්රේමයක බැදෙති.
ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?
දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්.
රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද?
අසම්මත ප්රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද?
ඉතිහාසය තුළ මේ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

