Skip to product information
1 of 2

රජ කුමරියකගේ දින පොත 1 | Raja Kumariyakage Dinapotha 1

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්රතිඵලය වුයේ ඇය ගැබිණියක්  බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්ර ශිල්පිනියක් ලෙස ලැබු ප්රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.

මෑණියන්ගේ රූමත් පව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව,  වර්ධනය නොවූ ලැම ප්රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,

ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්රාන්ත රාජ්යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.

අම්මා තම දියණියගේ ගණිත ගුරුතුමා සමග නව සම්බන්ධයක් ඇති කරගෙන තව දරුවෙක් පිළිසිඳ ගැනීමද සමග පිය කුමරුගේ ආඩම්බරකාර මෑණියන්ගේ කුමාරිකා පාඩම් හා උත්සව වලට අකැමැත්තතෙන් සහභාගි වීම වැනි  රාශියක් කරුණුවලට මුහුණ දෙමින් අමෙලියා දැන් දැන් ඇය පතා එන කිහිප දෙනෙකුගේ හැසිරීම් රටා ද අත් විඳිමින් තම ගමන යන්නීය.

View full details
Ratings
Full view