Skip to product information
1 of 2

පර්පල් හාට් | Purple Heart

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

" ඒක මිනි මැරුමක් දුව.. ඇයි තාත්තා ඒක පිළිගත්තෙ.ඔයා හිතනවා ද තාත්තා කූඹියෙක්වත් මරන මනුස්සයෙක් කියල"

 අම්මා හඬා වැටෙන්න වූවා ය.

බෝපා හෙමින් පියවර කිහිපයක් ඇවිද යයි. ඒ මුහුණේ ඇත්තේ කවරාකාර පෙනුමක් දැයි බාහිර මුහුණේ ස්වභාවය මැන බලා කියන්නට කිව්වෙක් නගරය තුළ කිසිවෙක් නැත. සන්සුන් ජීවිත ගෙවන මිනිසුන් නොසුව නිර්මිතයන් තුළ පෙළ නොගැසෙයි.

 තනිකමේ පාරුවක නැගී, මේ ලෝරන්ස් නදිය දිගේ යන ගමනේ දී හදවතේ සියුම් නිම්නාද අසමින් ඒ කිඳුරු ගීය ගයන්නට ඔහු සිටියා නම් හොඳ නො වෙදැයි මට සිතුණු වාර අනන්ත ය.

 ශාන්ත ලෝරන්ස් ගංගාවට සහ ඒ අවට ප්රදේශයට විස්මිත දසුන් සපයන මේ ටෙරසය ඩෆරින් ආණ්ඩුකාරවරයාට ගෞරවයෙන් ඉදි කළ එකකි. ඉර එළිය බලන්නට ක්විබෙක් නගරයේ ඇති නිදහස් ම වටපිටාව මෙයයි.

නිල් හදිය මතට වැටෙන හිරු එළියේ රන් පැහැයෙන් ආනන්දයටතේ ප්රමෝදයටත් පත් යුවතිය ප්රේමයේ සූර්ය කිරණ ගඟ මතට වැටීමේ දර්ශනයෙන් අමානන්දයට පත් වී සිටියා ය.

 තෙත් වු හදවතින් බර සිප ගැනුමක අතරමං වූ කළු, සුදු විවිධ වර්ණිතපෙම්වතුන් සුවලකගේ මිදී ගත නොහී දෙතොල් පත් මුසුව, ගං දිය රැළිති නංවා දඟ පා විසිරුණු ආලිංගනයක් මවන්නට විය.

මේ සියලු දේ එකම ඇසකින් ඕ බලා සිටියේ බලාපොරොත්තු දැල් වූ හදවතකිනි. ජීවිතය දෙස දෙනෙත් දල්වා වෙහෙස, මහන්සිය අත් හැර මනෝහරව බලන්නට පුරුදු වූයේ කවදාද යග මතකය ඇයට නැත. මේ මොහොත යනු තම ජීවිතය නම් පාරුව ශාන්ත ලෝරන්ස් ගංගාවෙහි නිදහස් දියෙහි ගැඹුරත මත ඔබ්බවා විනිවිද බලන්නට ඉඩ සදන මොහොතකි.

ඉතින් !පෙම්වත, 

බෝපා ස්වර්ණමාලා බණ්ඩාර යනු කවුදැයි මේ ගැඹුරු නිල් දියෙන් අසන්නට දැන් මා සුදානම් ය.

View full details
Ratings
Full view