පෙති ගැසු මලකද | Pethi Gasu Malakada
Couldn't load pickup availability
සර්... ශරිරෙ ගන්න දෙයක් නැනෙ සර්...! මුළු ඇඟම පෙති පෙති කපලා දාලා." යි බොරැල්ලේ පොලිස් කාර්යාලය වෙත පැමිණි රහස් පරීක්ෂක විජේ වීරසිරි හමුවේ රිසව් සාජන්ට් පිරිස් කියා පෑවේය.
" පෙති පෙති කපලා දාලා ! " යි රහස් පරීක්ෂක විජේ මෙහිදී දෙබැම හකුළා ගනිමින් පිළිවිසියේය.
" ඔව් සර්... කොටින්ම කියනවා නම් ඒ කවුද කියලවත් හඳුනා ගන්න බෑ!"
"ඕහ්! එහෙනම් ඒ තරම් සිහින් පෙති වලට කපා
දාලාද?" මේ මොනවා අහනවද සර්... කොටින්ම අපි කෑලි පූට්ටු කළෙත් බොහොම අමාරුවෙන්. "
"හොඳයි. අපේ මරණ පරීක්ෂකවරයා මේ ගැන කියන්නේ මොනවාද?"
" ඔහු කියන්නේ මේක මිනී මැරුමක් කියලයි"
* ඒක ඉතින් අහන්නත් දෙයක්යැ! හොඳයි. කෝකටත් මෙහාට දෙනවා තමුසෙලාගේ රපෝර්තු මිටිය ! "
සාජන්ට පිරිස් වහා නැඟිට, අසල වූ අල්මාරියක් හැර ඉන් කිසියම් කඩදාසි මිටියක් ගත්තේය. ඔහු එම කඩදාසි රහස් පරීක්ෂක තැන අත තැබුවේය.

