පලු අරටු | Palu Aratu
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
පලු අරටු සවිමත් ය. එය පිටතට නොපෙනෙන යථාර්ථයකි. ඉඩෝරයේ කටුක දුක් පිරිපත උහුලාගැනීමේ දායාදයකි. නිරන්තර අව්වැහි සුළං හමුවේ, පලු ගහේ පොත්තත් ඒ හා බැඳි එළයත් මෘදු ගුණයෙන් පොහොසත් වන්නේ නොපෙනෙන අරටුවේ දරාගැනීමෙනි. මේ යථාව ‘පලු අරටු’ නවකථාවේ ජීවයයි. උදාර මානව ගුණදහමින් පොහොසත් සිරිදාස; අත්විඳින දුක හා අත්මවිශ්වාසය පලු අරටුවක් සේ තිරසර ය. කාටුක අභියෝග හමුවේ නොබිවය මුහුණ දෙන්නෙකි. 1980 ජූලි වැඩවර්ජනය ඔහුගේ ජීවිත කථාව පලු අරටුවක් සේ හැඩගස්වන්නේ ය. එය විච්ඡේදනය කර බලන තුරු වටහාගත නොහැකි ය. දේශපාලන කුණාටු හා වාමවාදී මානවගුණ එකිනෙකට බැඳුණු දුලභ මිනිස් ගුණැති සද්ජන ආත්මයක පලු අරටුවක් බවට සිරිදාස පත්වේ. අනුලා එහි පිටපොත්ත ය. සුතනඹුවන් එළය බඳුය. පලු අරටු නවකථාව යථාවාදී රීතියෙන් ගෙත්තම් කිරීමට සෙංකඩගල මහදිසාපති ඉන්දික උඩවත්ත කතුවරයා සමත් වී ඇත.
මහින්ද කුමාර දළුපොත

