තාරාගේ ආගමනය | Tharage Agamanaya
Couldn't load pickup availability
කුල භේද , පන්ති භේද මෙන්ම ආර්ථික විෂමතාවන්ගෙන් පීඩිත ගැමි නිර්ධන පන්තිය පිලිබදව සහ එයින් යුතු ලාභ ලබාගන්නා ධනපති පන්තිය පිළිබඳව සියුම්ව විග්‍රහ කරන මෙම නවකතාවේ ප්‍රධාන කතා වස්තුව ගෙතෙන්නෙ සමාජ වෙනසක් ඇති කිරීමේ අරමුණින් දේශපාලන ලෝකයට පිවිසෙන නයනතාර පානබොක්කේ නම් ගැමි තරුණියගේ ගමන් මඟ ඉස්මතු කරමිනි.
සමාජයට , කාන්තාවන්ට සහ රටට වෙනසක් කිරීමට ඇය තුල ඇති අධිෂ්ඨානය සහ ආශාව මෙන්ම අනෙකුත් දේශපාලන නායකයන්ගෙන් ඇයමුහුණ දෙන අභියෝග අවධාරණය කරන අතරම ඇය මුහුණ දෙන විවිධ බාධකවල ප්‍රතිඵලයක් ලෙස ඇය පරිණාමය වන ආකාරය ගැනත්, කුඩා දැරියකගේ සිට තරුණියක තෙක් සිදුවන සිදුවීම් සමුදාය තුලින් කතාව පුරාවට ඇගේ චරිතය වර්ධනය වන අයුරුත් කතුවරයා විසින් ඉතා විචිත්‍ර අයුරින් ඉදිරිපත් කොට ඇත.

