සින්දූර් නුඹ නමින් | Sindoor Nuba Namin
Regular price
Rs 2,100.00
Regular price
Sale price
Rs 2,100.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
'මේක වෙන්නේ නෑ රාවුල්..''
මොහොතකට පියවී ලෝකෙට ආව පූජා රාහුල්ගේ තොල් වලින් මදිලා එහෙම කිව්වා රාහුල් ආපසු පූජාගේ මුණ තමන්ගේ අත් දෙකට මැදි කරලා අල්ලගත්තා.
"අනේ රාවුල් තේරුම් ගන්නකෝ අපේ අප්පලා කවදාවත් කැමති වෙන්නේ නෑ.. අන්නා අපි දෙන්නව නිකන් අතාරින්නේ නෑ.. ඔයා සිංඅල කොල්ලා... මම තමිල් කෙල්ල...
ඔයාගේ අප්පා අමමා කැමති වෙන්නේත් නෑ... දවසක අපි කසාද බැන්දා... අපේ අනාගතේ ප්රශන තමා එනවා... මේ ආන්නකෝ..''
පූජාගේ ඇස්වලින් කදුළු ගලන්න ගත්තේ නතර කරගන්න බැරුව. තමන්ගේ හිතේ කීයෙන ආදරේ තමන්ගේ ඇස් ගාවම තියෙද්දි ඒ ආදරේ තමන්ගේ කරගත්ත බෑ කියලා දැනෙද්දි පූජාගේ හිත කොහොම ඒක වාවන්නද?

