සඳ පත්ලේ රන් ඉල්ලම | Sanda Pathle Ran Illama
Couldn't load pickup availability
ලොව පුරා ජනප්‍රිය සාහිත්‍යක් වුවද , විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය අප රට තුල ස්වතන්ත්‍ර විකාශනය වන්නේ මන්දගාමී ස්වාභාවයකිනි.එච්.ජී.වේල්ස්ගේ "හඳට ගිය මුල් මිනිස්සු" (THE FIRST MEN IN THE MOON) විද්‍යාත්මක පරිකල්පන හා බැඳුනු පුළුල් දේශපාලන දැක්මද , ඒ අරබයා ඔහු තුල වූ විරෝධකල්පනයන්ද , ඉතාමත් තියුණු ලෙස විවරණය කරවන කෘතියකි.
මිනිසා සඳ මත පා තැබීමට වසර ගණනාවකට පෙර ලොවෙන් සමුගත් ඔහුගේ මෙම කෘතිය තුල හඬ මත තුනී වායු ගෝලයක් ඇති බවට කල උපකල්පනය හැර සෙසු බොහෝ පරිකල්පනයන් විද්‍යාත්මක සිද්ධාන්ත වලට අනුගතව පැවතීමද,වෙසෙසින් අගය කල යුත්තකි.
අභ්‍යවකාශ වීර කාව්‍යක් වැනි විද්‍යා ප්‍රබන්ධ රසය තරමටම,සාහිත්‍යමය ගති ලක්ෂණවලට අනුගතව ලියවුනු වේල්ස්ගේ මෙම කෘතිය පටක සිත්සතන් සුවිසල් පරිකල්පන ශක්තියකින් පුරවයි.

