සඳ ඇබින්දක් ආදරේ | Sanda Abindak Adare
Regular price
Rs 1,750.00
Regular price
Sale price
Rs 1,750.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
විසන්ධි කළ දුරකථනය පසෙකට විසිකළ සිද්ධාර්ත් දෙපා මතට දෙඅත් බරකරගත්තේය. බිඳුනු වීදුරුවට කැපී ගිය අත්ලෙන් වැගිරෙන රුහිරු බිඳු ටයිල් පොළව මතට වැටිණි.
” පිස්සෙක් නොවී ඔය අත දීපන් සිද්… ලේ විදිනවා යකෝ පේන්නැද්ද… “
හෂාල් මහ හඬින් කෑගැසූවද සිද්ධාර්ත් මුහුණ පහතට නැඹුරු කරගත්වනම නෑසුන්කන්ව සිටියේය.
” අත හෝදගනින් යකෝ… වීදුරු කටු ඇති… ”
සිද්ධාර්ත් ඊටද කිසිදු ප්රතිචාරයක් නොදැක්වූයේය. ඉවසා බලාහිඳ බැරිම තැන හෂාල් ඔහු වෙතට නැවී ඒ දෙවුරෙන් අල්ලා තදකොට ගත්තේය.
” සිද්… “
” ධාර්වි ඇයි එහෙම කළේ..? “
සිද්ධාර්ත් මිමිණුවේ වේදනාබර හඬිනි. අදහාගන්නට නොහැකිව ගියේ හෂාල්ටය. විශ්වාසය, අවුරුදු දාහතරක් පැරණි මිතුරු ඇසුර තුළ සිද්ධාර්ත් මායාදුන්නගේ මුවින් එතරම්ම අසරණව වදන් පිටවූ දිනක් හෂාල්ගේ මතකයේ කොනකවත් නොවීය.
” ඒකි මට ලඟින් ඉන්න කිව්වා හෂා… පේන තැනකින් ඉන්න කිව්වා… එතනට ගියෙත් මගේ ඇස් දෙක දිහා බලන් ඉඳලා…. ඇයි බං… ඇයි ඒකි අරූට සිංදු කිව්වෙ… ඇයි ඌ දිහා බලන් හිටියෙ… “
” සිද්… ඒ ඒකි ආදරේ කරපු එකා… “
” ඔව්… ඒ ඒකි ආදරේ කරන එකා… මං මොකෙක්ද… මං ඒකිගෙ කවුරුත් නෙවෙයි… “

