Skip to product information
1 of 2

සඳ ඇබින්දක් ආදරේ | Sanda Abindak Adare

Regular price Rs 1,750.00
Regular price Sale price Rs 1,750.00
Sale Sold out
Shipping calculated at checkout.
විසන්ධි කළ දුරකථනය පසෙකට විසිකළ සිද්ධාර්ත් දෙපා මතට දෙඅත් බරකරගත්තේය. බිඳුනු වීදුරුවට කැපී ගිය අත්ලෙන් වැගිරෙන රුහිරු බිඳු ටයිල් පොළව මතට වැටිණි.
” පිස්සෙක් නොවී ඔය අත දීපන් සිද්… ලේ විදිනවා යකෝ පේන්නැද්ද… “
හෂාල් මහ හඬින් කෑගැසූවද සිද්ධාර්ත් මුහුණ පහතට නැඹුරු කරගත්වනම නෑසුන්කන්ව සිටියේය.
” අත හෝදගනින් යකෝ… වීදුරු කටු ඇති… ”
සිද්ධාර්ත් ඊටද කිසිදු ප්රතිචාරයක් නොදැක්වූයේය. ඉවසා බලාහිඳ බැරිම තැන හෂාල් ඔහු වෙතට නැවී ඒ දෙවුරෙන් අල්ලා තදකොට ගත්තේය.
” සිද්… “
” ධාර්වි ඇයි එහෙම කළේ..? “
සිද්ධාර්ත් මිමිණුවේ වේදනාබර හඬිනි. අදහාගන්නට නොහැකිව ගියේ හෂාල්ටය. විශ්වාසය, අවුරුදු දාහතරක් පැරණි මිතුරු ඇසුර තුළ සිද්ධාර්ත් මායාදුන්නගේ මුවින් එතරම්ම අසරණව වදන් පිටවූ දිනක් හෂාල්ගේ මතකයේ කොනකවත් නොවීය.
” ඒකි මට ලඟින් ඉන්න කිව්වා හෂා… පේන තැනකින් ඉන්න කිව්වා… එතනට ගියෙත් මගේ ඇස් දෙක දිහා බලන් ඉඳලා…. ඇයි බං… ඇයි ඒකි අරූට සිංදු කිව්වෙ… ඇයි ඌ දිහා බලන් හිටියෙ… “
” සිද්… ඒ ඒකි ආදරේ කරපු එකා… “
” ඔව්… ඒ ඒකි ආදරේ කරන එකා… මං මොකෙක්ද… මං ඒකිගෙ කවුරුත් නෙවෙයි… “
View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review