රන් කෙන්දෙන් බැඳ | Rankenden Banda
Couldn't load pickup availability
"ඇයි චාන්යා අම්මිගෙන් මොනවහරි ඇහුවද? ""නැහැ...එදා චානුකගේ ලියුම ආව දවසේ අඩපු ඇඩිල්ලට මට හිතුන ඒ දරුවට කිසි දෙයක් වාවගන්න බැහැ කියලා...බේරන්න බැරිම තැන තමා මම ඔයාට කතා කළේ."
"ඉස්කෝලේ යන ළමයෙක්ට වගේ එයට සලකාගෙන බලා කියා ගන්න දඟලන්න එපා...එයාගේ අම්මිලා අප්පච්චිලා හුරතල් කරලා තියෙන තරම හොඳටම ඇති...ඔයා එයාට ලේලියකගේ වගකීම දෙන්න...ඔයත් හුරතල් කරන්න යන්නේ නැතුව."
"ඇයි ඒවා මට කියන්නේ "
"ඔයානේ වශී වෙලා අප්පච්චිටත් නොකියා උස්සන් ආවේ."
"ඉතින් මම වශී වෙලා උස්සන් ආව එකට උඹ මොකද වශී වෙලා හොරෙන්ම බැඳගත්තේ"කුමුදුනී සිනාසෙමින් ඇසුවාය.
"බැන්දපන් කියල ගෙදරටම ගෙනල්ලා දල තිබුන එකේ මොන කෙහෙම්මලකට බලාගෙන ඉන්නද ...අනික මම කසාද බැන්දේ මම ගැන හිතල නමෙයි.ඔයා ගැන හිතලා...හුරතල් කරන්න බැරිනම් ඕන මඟුලක් කරගන්න..හැබැයි මගේ එක්ක සෙල්ලම් බැරි වෙයි"

