නිම් නැති නිම්නය | Nim nathi Nimnaya
Regular price
Rs 1,500.00
Regular price
Sale price
Rs 1,500.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
“මට සමාවෙයං රාධා…මට සමා වෙයං…”
ඇය මිතුරිය ගේ දෑත් අල්ලා ගෙන ඒවායින් ඇගේ පපුවට ගසා ගත්තා ය. ඉනික්බිති ඔවුන් දෙදෙන උනුන් වැළඳ ඉකි ගසා හඬන්නට වන්හ. කවීශ්වර තවත් ඒ දර්ශනය බලා සිටිත නො හැකි ව සඳයුරු පපුවට තුරුලු කොට ගෙන කාමරයෙන් පිටතට ගියේ ය.
“ඌ මගෙ එකෙක් වෙන්න බෑ. කා..ල කණ්ණිය…මං හිතුවෙ ඌ පවුලෙ හොඳම එකා කියල. ගෙදර හැමෝම ගැන වගකීමක් ගන්න ඉන්න එකා කියල. ඒත් අන්තිමට මොකද්ද ඌ මේ කළේ…මේ ගෙදර මරණෙකටවත් ආයෙ ඌට එන්න බෑ මැණිකේ…මගෙ වචනෙ වෙනස් වෙන්න බෑ මං මළත්. කාශ්යප කියන්නෙ අපේ පුතෙක් නෙවෙයි”
අන්තිම ටික කියා ගෙන යන විට දැඩි කොට ගෙන උන් කෝපය ලිහිල් වී යනවා සේ ගජධීර ට දැනෙන්නට විය. දරා ගත නො හැකි ලැජ්ජාවක් ද පසු තැවීමක් ද හිස් කමක් ද සිය වියපත් හදවත වෙලා ගන්නා සැටි ඔහු ට දැනෙන්නට ගති. ඔහු ජීවත් වූයේ නමට ම ගැලපෙන හස්ති රාජයෙකු සේ ය. පුතුන් දෙදෙනෙකු ට හා දියණියකට පියා වී ඔවුන් හදා වඩා ගත්තේ හදවත ආඩම්බරයෙන් පුම්බා ගනිමිනි. පවුලේ ආඩම්බරය ලෙස ඔහු කවදත් සැලකුවේ කාශ්යප ය. කුඩා සා වියේ පටන් ඔහු කීකරු යහපත් ළමයෙකු වූයේ ය. කවීශ්වර වාගේ දඩබ්බරකම් කොට කිසි දා ක පාසලෙන් චෝදනා නො ගෙනාවේ ය. අධ්යාපන කටයුතු වල ද නිසි ලෙස යෙදී, ගණකාධිකාරීවරයෙකු ලෙස සමාජයේ වැදගත් යයි සම්මත ඉහළ රැකියාවක නිරත වූයේ ය. රටට ලෝකයට පේන්නට මගුල් කා ආරාධනා ව ගෙදරට කැන්දා ගෙන ආවේ ය. එය වූ කලී ලස්සන පුංචි අහිංසක කැදැල්ලකි. ඔවුන් මහ ගෙදරින් පිටමං ව යනවාට ගජධීර සේ ම රාජිකා මැණිකේ ද කැමති වූයේ නැත. කාවින්දි ගේ විවාහයෙන් පසු ගැහැනු දැරියක නැතිව පාළු වී ගිය ‘සැනසුම් පාය’ මැදුරට ආරාධනා දොළොස් මහේ පහනක් වූවා ය. ඇය ගජධීර යුවළට ලේලියක නොව දුවක වූවා ය.


