Skip to product information
1 of 2

හේමන්තයේ මායාවිය | Hemanthaye Mayaviya

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

උදෑසන මෙන් කාමරයේ විදුලි බුබුලු වල ආලෝකයන් ගැස්සෙන්නට පටන් ගත්තේ හදිසියේමය. ඈ කණ්ණාඩිය ඉදිරිපස සිටගනිද්දී නිවි නිවී කිහිපවරක් දැල්වුන විදුලි බුබුළු හදිසියේම දැල්විනි.

දිව්යා කණ්ණාඩියෙන් පෙනෙන තමාගේම රුව දෙස බැලුවේ හදවත වේගයෙන් ගැහෙද්දීය. ඇය ඉදිරියේ වූයේ වෙනදා කණ්ණාඩියෙන් පෙනෙන දිව්යාට වඩා තරමක් වෙනස් කෙනෙකි.

ඇයට පෙනෙන දේ කෙසේ විශ්වාස කලයුතුදැයි නොදන්නා නමුත් මෙතෙක් කල් තද කලු පැහැයක් ගෙන තිබූ දෑස ලා නිල් පැහැ වී තිබිනි. ඇත්තෙන්ම එහි ඇත්තේ ලා නිල් පැහැයකි. ඒ නිසාම දිව්යා කණ්ණාඩිය වෙත ලංවී බැලුවේ හුස්ම පවා සිරවෙන්නාක් මෙන් දැනෙද්දීය. මේ සිහිනයක් නොවීමන්ද ඇය අවදියෙනි.

දිව්යා කණ්ණාඩියෙන් පසුපසට උනේ දෑතින්ම මුව වසාගෙනය.

View full details
Ratings
Full view