හීන් වට්ටවිදානේගේ තවත් කතා | Heen Wattavidanege Thawath Katha
Couldn't load pickup availability
හීන් පැටියා සන්දියේ පටන් පානම ගංකුඩුවේ දැඩිමේනි වුනු "හීන් වට්ටවිදානේගේ" වංහුං ,ඇවතුම්,පැවතුම්,වග විස්තර හා සබැඳි අස්පර්ශනීය ජන උරුමයන් පාඨකයන්ට අරුමයක් නොවෙයි.ඒ තරමටම හීන් වට්ටවිදානේ ලාංකේය පාඨකයන් සමඟ සමීප චරිතයකි. ඈත පානම හීන් වට්ටවිදාන්ගේ කතා මාලාවේ පළමු කෘතිය බිහිවීම මෙයට පසුබිම් විය.හීන් වට්ටේවිදානේ සමඟ ගංතුලානේ ද , සතා සිවුපාවුන් අතර පමණක් නොව පානම ජනදිවිය ඇසුරේද ආත්මීය ලෙස පාඨකයෝ බැඳී සිටිති.ළමා කාලයේ ජීවන අත්දැකීම්වල බුහුටිකම් හා එම අත්දැකීම් කියන ජනවහරේ රිද්මය රසයෙන් අනුනවීම එයට හේතුවයි.හීන් වට්ටේවිදානගේ නිර්මානාත්මක පරිකල්පනය සම්මානනීය ලේඛක ගුනසේකර ගුණසෝමගේ බාලසන්ධදීයයි.එමගින් දැනෙන මිහිරියාව ආනන්දයෙන් ප්‍රඥාව කරා පාඨකයා ඔසවා තබන්නකි.හීන් වට්ටේවිදානගේ කෘතිය යෞවන ස්වයංලිඛිත චරිතාපදානයක් වැනිය....

