ගිගිරි වළලු පය නොලා | Gigiri Walalu Paya Nola
Regular price
Rs 430.00
Regular price
Sale price
Rs 430.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
බිඳපු පිගාන අලවන්න බෑ
“මං අහන ප්රශ්නට ඇයි උත්තරයක් දෙන් නැත්තෙ?” “මගේ උත්තරේ ඔයා දන්නවනෙ.
“මං කියන දේ තේරුංගන්න, ගෑනු ළමයෙක් මට තනියම හදා ගන්න බෑ.” “ඔයාගේ අම්ම ඉන්නෙ.”
ඔහු අතේ තිබුණ පොත පැත්තකින් තැබීය. ඉස්තෝප්පුවේ සිට ගෙතුළට ගියේය.
මිදුලට පැමිණි කුලී රියේ නළා හඬට ඔහු පැමිණියේය.
“ ඔයා අද ඉන්නව ද?”
" දුව ආවම මං යනවා”
" දුව පන්තියෙන් අරන්, අක්කලගෙ ගෙදර එක්ක යන්න මං පොරොන්දු වුණා"
ඇය පුටුවෙන් නැගිට්ටේ ඔහු දෙස නොබලමිනි.
“මට බස්සගෙන යන්න පුළුවං”
ඇය ඔහු දෙස බලා හුස්මක් ඉහළට ගත්තාය. “ඔයා කියන්නෙ සේරටම වැරදිකාරයා මං ද?” “නෑ, මංනෙ.”
“රණ්ඩු නොවී ඉන්නම බෑ නේද?” “දුවේ....”
“පද හැදුවට මං වේසකං කළේ නෑ."
ඇය මිදුලට බැස්සාය.

