Skip to product information
1 of 2

ගාලු අහස යට | Galu Ahasa Yata

Regular price Rs 1,350.00
Regular price Sale price Rs 1,350.00
Sale Sold out
Shipping calculated at checkout.

"ඔයා ඇත්තටම ටනීෂාට ආදරේ කරනවාද..?” ඒ ප්රශ්නයට හරි උත්තරයක් ධනුකගෙන් එවෙලේ අපූර්වාට ඕන වුණා.

අවුරුදු දහයක දොළහක ආදරයක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපූර්වා මිස්..”

“ ආහ්.. ඔයා මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ධනුක.. ඇයි පළවෙනි දවසෙම මට ටනීෂා ගැන කිව්වේ නැත්තේ..? ඔයා එහෙම කිව්වා නම් මට මේ තරම් දුකක් දැනෙන්නේ නැහැනේ.. එක්කෝ ඔයාට අදත් ටනීෂා ගැන මාත් එක්ක නොකියා ඉන්න තිබුණා.. එහෙම නම් අඩුම තරමේ මං මගේ හීන ලෝකේ ජීවත්වෙනවා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා හිතාගෙන.. ඒත් ඔයා අද මගේ ඒ අන්තිම බලාපොරොත්තුවත් නැති කළා ධනුක. ඔයාට තාමත් හිතෙන්නේ නැද්ද ඔයා නැති ලෝකයක් මට නැහැයි කියලා.. මං කොහොමද ධනුක ඔයාව අමතක කරන්නේ. ?" අපූර්වාගේ පපුව ඇවිලෙන්න ගත්තා. මහමෙරක් තරමට තිබුණ බලාපොරොත්තු ඇස් ඉස්සරහා කඩාගෙන වැටුණාම ජීවත් වෙන්නේ කොහොමද..?

ගාලු අහසම කළුවර වෙලා, ඉරත් මහා මුහුදේ හැංගිලා ගිහින්. හරියට තමන්ගේ හිනාවත් ධනුක උදුරගෙන ගියා වගේ කියලා අපූර්වාට හිතුණා.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review