Skip to product information
1 of 2

ඩියර් හබී | Dear Hubby

Regular price Rs 2,500.00
Regular price Sale price Rs 2,500.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆
''වෛර කරන්න ඕන වුණත් ආදරේ කරපු හිතකින් වෛර කරන්න තේරෙන්නේ නෑ මට..'' " ඒ කියන්නේ උඹේ හිතේ වෛරයක් නෑ...'' "කවදාවත් නෑ..'' "ඒ ඇයි..? ඌ උඹට කළේ මහා බලු වැඩක්නේ.. උඹේ ජීවිතේ එක්ක ඌ සෙල්ලම් කළානේ....'' "වෙන්න ඇති අක්කේ.. ඒත් මිගාර අයියාටයි මම මුලින්ම ආදරේ කළේ.. එයා මට හිනා වෙන්න හේතු දුන්නා.. ඒ වගේම අඬන්නත් හේතු දුන්නා.. මදුරුවෙක් කෑවාම පළු දාලා අඬන මම එයා දුන්න දුකට පපුව හත්කඩකට පැළිලාත් ඔළුව කෙළින් තියන් ආපහු ජීවත් වෙන තරමට දරදඬු වුණා.. එයා නිසා නැති වුණ දේවල් වගේම එයා කරපු දේ නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණත් මට මගේ ජීවිතේ අද මම මේ ඉන්න තැනට ගේන්න ලැබුණා.. ඉතිං ඒ හැමදේම එයා මට ඒ කරපු වැරැද්ද නිසයි.. ඉතිං කොහොමද මම වෛර කරන්නේ එයාට.. ඒත් සමාවක් දෙන්නත් හිත හදාගන්න බෑ මට.. එයා මීට අවුරුදු දෙකකට කලින් එයාට ආදරේ කරපු විභංගාව අමු අමුවේ මරලා දැම්මා..'' පපුවේ කැකෑරෙන වේදනාවත් එක්ක විහංගා කතා කළේ මිගාර ගැන හරි තීරණයක් ගන්න බැරුවයි. කාලය හැම තුවාලයක්ම සනීප කරනවාලු. ඒත් මිගාර ඇති කරපු තුවාලයට බෙහෙත් තාමත් කාලයටත් හොයලා දෙන්න බැරි වුණා.
View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view