Skip to product information
1 of 2

අමුතු පොට්ටනිය | Amuthu Pottaniya

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

උණ හෙම්බිරිස්සාව හැදුනත් සොයන්නන්ගේ අබිරහසට ඇති ලැදියාව අඩු කරන්න ලෙඩවලට බෑ. මෙවර නත්තල් නිවාඩුවෙන් වැඩි හරියක් ඇඳටම වී ගතකරන්න වුන එක ගැන කට්ටිය හිටියේ බොහෝම හිතේ අමාරුවෙන්. අබිරහසක් විසඳනවා තියා අබිරහසක සේයාවක්වත් නෑ. ඒත් ඉතිං කවදද ලෝකේ අබිරහස් නැත්තටම නැති වුනේ. වැඩි ඈතක නෙමේ, ලැරිලාගේ අසල්වාසියේම වුන ගෙවල් බිඳීම වෙන ඒවා වාගේ නොවුන බව දැක්ක හැටියේම කාටත් පැහැදිලි වුනා. ඒත් හොරා හොයලා තියෙන්නේ මොනවාද කියලා හිතාගන්න ඒ කාටවත් බැරිවුනා.

සුපුරුදු ලෙසම ෆැටී සමග ඇති ශූන් මහතාගේ ආරෝව මෙවරත් අවසන් වූයේ ශූන් මහතා තෝන්තු කරවමින්. එහෙන් මෙහෙන් ඇහෙන අමුතු ශබ්ද වාගේම, පුංචි පුංචි ඇඳුම් කෑලි රැසක් රැගත් පොට්ටනියක් ගඟ පතුලේ තිබිලා හම්බවුනාම ශූන්ගේ ඉවසීම ඉක්මවා ගියා. ඒකෙන් පොඩි පොඩි තැලීම් කීපයක් ෆැටීගේ සිරුරේ ඇති වූවත්, ඒකෙන් වුනේ ලොකු වාසියක්. කව්ද හිතන්නේ පුංචි පුංචි ඇඳුම් කෑලි කීපයක් රටක් වටිනවා කියලා. අබිරහසක රසය විනාශ කරන්න හොඳ නෑනේ. කියවලාම බලන්න ඒ ඇයි කියලා.

View full details
Ratings
Full view