Skip to product information
1 of 2

අහිමි කාර්තු | Ahimi Karthu

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

“මාත් ගෑණියෙක් යුග්ය. ඉවසන්න පුලුවන් උපරිම මමත් ඉවසලයි ඉන්නේ...පිරිමි දන්නෙ නෑ එකම පිරිමියෙක් වෙනුවෙන්ම පේ වෙච්ච ගෑණියෙක්ගෙ ඉවසීමේ සීමාවෙ කෙළවර මොනවගේද කියන්න,,, ගෑණියෙක්ට ආදරේ කරන්න ලේසි නෑ යුග්ය... මොකද හැම පිරිමියාටම බෑ ගෑණියෙක්ගේ ඇතුලාන්තෙටම රිංගලා ගෑණු හිත ගන්න..." ඇය පවසන දෙස ඔහු නිහඬව බලා සිටින්නට වූයේය. දෑස් වලින් ගලා හැලෙන කඳුලු වතුරමළෙන් වැටෙන දිය බිදුහා මුසුව යන දෙසත් ඒ දිය බිදු සෙලවෙන ඇගේ දෙතොල් ස්පර්ශ කරන දෙසත් ඔහු බලා සිටින්නට වූයේය. ඉන් නොනැවතී ගෙල දිගට පහළට ඇගේ ගත ස්පර්ශ කරන දිය බිදු මාවත් තුනක් ඔස්සේ ගලා යන්නට වූවාය. ගෙලින් මිදීයන දිය බිදු හංස පූට්ටු මතින් සිමෙන්ති ගඩොල් ඇතිරූ බිම සිප ගන්නා දෙසත් ලැම මධ්යයෙන් නාභිය දෙසට ගලා යන අයුරුත් ඔහු සිත්සේ විද ගන්නට වූයේ ඇගේ වදන් ද තදින් දෙසවන්වල රැව් දෙන අතර වාරයේය. සයමසකට පසු තමා ඉදිරියේ දිස්වෙන ඇගේ නිරුවත් නාරි දේහය දෙස ඔහුගේ අඬවන් දෑස් දිවයන්නට වූයේ වාරණ දැමූ සිතට ඔච්චම් කරමිනි.

"ඇති..."

"ඇති නෑ යුග්ය.."

ඔහු පැවසූයේ මොහොතක් බලා සිටිමින් ඇගේ දෙවුරෙන් අල්ලා ගනිමින් වුවද ඒත් සමඟම ඇය පැවසූයේ ඔහුගේ රැවුල පිරි කොපුල් සිය දෑත් වලට මැදි කරගනිමිනි.

View full details
Ratings
Full view