Skip to product information
1 of 2

ඇහැරෙන්න ප්‍රේමයෙන් | Aharenna Premayen

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ගනේපොල නිවසේ ගේට්ටු දෙපසට විවර වද්දි නෙලාරාගේ සිත බියෙන් සැකයෙන් ගැහෙන්නට විය. ඕ උන්නේ පූර්ණිකාගේ දකුණත තදින් අල්ලාගෙනය. තෙමසකට අධික කාලයක් තිස්සේ තමාගේම කරගෙන ජීවත් වූ නිවස.. අද බැඳීමකින්, නීතියකින් තමාට හිමිවූ නිවස ජීවිතයේ මුල් වරට දුටුවා සේ ඕ හිස ඔසවා පුදුමයෙන් බලා සිටියාය. නිවසක්.. නිවසක් වීමටනම් සිමෙන්ති, ගල්, වැලි යෙදූ බිත්ති පමණක් ප්රමාණවත් නොවේ. ඒ තුල ආදරණීය බැඳීම් සේම ඒ පණ නැති බිත්තිවල හැරී දෝංකාර නංවන සිනහවක්, සතුටක් තිබිය යුතුමය. අජීවී බිත්ති පවා ජීවයෙන් ගැහෙන්නේ එවිටය.
ඔයා අපේ ජීවිත වලට අලුත් සතුටක් අරගෙනයි ආවේ... 
රවීනාත් තමාව තුරුළුකරගෙන මිමිනූ ඒ වදන් නෙලාරාට ඇසී නෑසී ගියේ යළිත් සිහින් ඉකියක් ඒ මුවින් පිටකරමින්ය.

View full details
Ratings
Full view