Skip to product information
1 of 2

ආල අරුංගල් | Aala Arungal

Regular price Rs 1,650.00
Regular price Sale price Rs 1,650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

''නෑ..මේ රෑ වත්තට කා එක දානකොටම කා එක ඉස්සරහ මිනිහෙක් හිටගෙන හිටියනේ.''

එය පවසන විටත් දෙවකගේ ඇග පුරාම හිරිගඩු පිපෙන අයුරු අයෝධ්යා දුටුවාය. සැමියා බය වී ඇති සැටිද ඇයට දැනෙයි.

"මිනිහෙක්? සුදු වෙන්න ඇති''

"නෑ..ළඟට එනකොටයි දැක්කෙ..බෙල්ල නෑ..කඳ විතරයි . කඳ විතරක් තියෙන මිනිහෙක් කොහොමද අනේ හිටගෙන ඉන්නෙ?

බිරිඳ විශ්වාස කරන පාටක් පෙනෙන්නේ නැත.

 ̋ඔයා බීල හිටිය හන්ද ඔළුව දැක්කෙ නැද්ද දන්නෙ නෑ..”

"බිව්වට මට සිහිය නැතිවෙන්නෙ නෑ අයෝ....ඒ මිනිහ හෙළුවෙන් හිටියෙ..කාරෙක ඉස්සරහට ආවා..කාරෙකේ හැප්පුණා... 

̋එහෙනං බොඩිඑක තියෙන්න එපැයි?”

"ඒක තමා කියන්න..කාරෙකේ ලේ පැල්ලමක්වත් නෑනේ..''

View full details
Ratings
Full view