Skip to product information
1 of 2

නූ පෙරිදේ| Nuu Peride

Regular price Rs 800.00
Regular price Sale price Rs 800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සිහිය පැමිණි විගස පෙරිදේ තමාව ගැටගසා තිබූ ලණු පටවලින් නිදහස් වීමට උත්සාහ කළාය.
ඇගේ මුව වසා බැඳ තිබූ ලේන්සුව ඉවත් කර ගත හැකි වී නම් ඇය කෑ ගසනු ඇත. අඳුරට හුරු වූ දෑසින් වටපිට බලන විට, අඩ අඳුරේ නිවී යමින් තිබූ ඉටිපන්දම් එළියෙන් බිත්ති පුරා එල්ලා තිබූ සිය ගණනක් වූ සිතුවම් ඇය දුටුවාය. ඒ අතර නග්න සිතුවම් දුසිම් ගණනක් විය. ස්නානය කරනා කාන්තාවන්ගේ සිතුවම් අතර තම මවගේ රුව දුටු විට, පිටතින් ඇසෙන මුළුමහත් කලබගෑනිය කුමක්දැයි ඇයට වැටහුණි. අසල්වැසියන් ඇයව සොයමින් කලබල කරද්දී දෑත් දෙපය ගැටගසා බඳිනු ලැබූ ඇය නිරුවතින් සෝපාවක් මත වැතිර සිටියාය. සෝපාව කෙළවර තිබූ ඉටිපන්දම දෙසට ඇය තම මැණික් කටුව දිගු කළාය. ලණු පට දැවෙද්දී ඇගේ මැණික් කටුවද පිළිස්සෙන්නට විය. ඇය වේදනාවෙන් දත්මිටි කෑවාය. සිය නිරුවත පිළිබඳ ලැජ්ජා වූවාය. බිම් මහලේ තිබූ සියලුම සිතුවම් ඇය දන්නා හඳුනන කාන්තාවන්ගේ ඒවා විය. ස්නානාගාරයේ සිටි කාන්තාවන්ගේ නිරුවත් සිරුරු ඒවායේ සිතුවම් කර තිබිණි.

View full details
Ratings
Full view