නොගන් ගිරිහිස නෙතින් ඉවතට | Nogan Girihisa Nethin Iwathata
Couldn't load pickup availability
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලධාරීන්, ප්රධාන පෙළේ ව්යවසායකයින්, ජනප්රිය ගායකයින් මෙන්ම පන්සියයකට අධික සමාගම් අතර ප්රචලිත ග්න්ථරයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල්වනු ඇත.
රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්රගන්ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතනවලට සේවා උපක්රම සහ ධනාත්මක ක්රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහය වන්නෙකි. ඔහුගේ කෘති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්යවසායකයින් අතර ඔහු ඉතාමත් ජනප්රියය.

