නිම්නයේ දෝංකාර | Nimnaye Donkara
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
නර්මදා කිසිවක් නොදොඩා අසා සිටියාය. ඇයට කතා කරන්නට අවශ්ය නොවීය. අඩු ගාණේ කුමක්ද මේ රැවටිල්ල කියාවත් ඇයට අසන්නට වුවමනා නොවීය. සහෝදරිය හදිසියේවත් මිගාරගෙන් ඇසුව හොත් ඔහුගේ අවංකකමට ඔහු තමා ගැන කියා විදැයි බියක් නර්මදාට ඇති විය. එක අතකින් කොයි කලක් මෙය රහසක් ලෙස සඟවා ගන්නදැයි නර්මදාට සිතුණි. එක අතකින් රහසක් ලෙස සඟවන්නට ඇත්තේ කුමක්දැයි තෝරා බේරා ගත නොහැකිය. මිගාර සහ තමා අතර ඇති මෙම බැඳීම පිටස්තර පුද්ගලයන්ට ඕනෑම අර්ථකතනයක් දිය හැකිය. එනමුදු මිගාර සහ තමා තුළ ඇති බැඳීම මෙයැයි කීමට නර්මදා නොදනී.

