නැවුම් පොළොව | Nawum Polowa
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
කතුවරයාගේ නිර්මාණාත්මක ගුණයෙන් හෙබි ආඛ්යාන රීතියෙන් විවරණය වනුයේ අපමණ ජිවයෙන් පණ ගැහෙන දිගාමඬුලු ගැමියන් ගේ මිනිසත්කමින් සපිරුණු ජිවන සෞන්දර්යය යි.
ඩබ්. ඒ. අබේසිංහ (සිළුමිණ, 87.05.03)
පොතේ කථන ඉතා කදිම ය. එයින් රසවත් බවක් මෙන් ම ඒ බස දොඩන මිනිසුන් ගේ චිත්රයක් ද මවාගත හැකි ය. එමෙන් ම එහි කෞතුක බවක් ද ශාස්ත්රීය අංශයෙන් වැදගත් බවක් ද වෙයි.
ඇන්. ටී. කරුණාතිලක
නැවුම් පොළොව නම් නවකතාව සාහිත්ය රසිකයන්ගේ මෙන් ම සමාජ විද්යාඥයන් ගේ අවධානයට ලක් විය යුතු උසස් කෘතියක් සේ මම දකිමි. පියසේන කහඳගමගේට සිංහල හා සමාජ විද්යාව පිළිබඳ දැනුමට අමතර ව තවත් සමත්කමක් ඇති බව පෙනේ. ඒ නිර්මාණාත්මක හැකියාව යි. නැවුම් පොළොව' නවකතාවෙන් පිළිබිඹු වන්නේ මනාව සංයෝග වූ ඒ දක්ෂතා තුනේ එකතුවකැයි හඟිමි.
- මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න (දිවයින ඉරිදා සංග්රහය, 87.06.07)

