මෝහිනී සමග | Mohini Samga
Regular price
Rs 650.00
Regular price
Sale price
Rs 650.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
සූරියසේනගේ මරණය සිදුකිරීමෙන් සහ මෝහිණී වැඩකාරිය හොරකම් කර ගෙන යාමේත් අබිරහස බඳව මූලික කටයුතු ආරම්භ කිරීමට රහස් පොලීසියේ යෝගය අවශ්ය බව වටහා ගත් ඉන්ස්ස්පෙක්ටර් වික්රම කොළඹ ප්රධාන කාර්යාලය වෙත පැමිණියේය.
"හලෝ! වික්රම, මොකද නිකං ගින්නට අහුවෙච්ච දෑල්ලක් වගේ. " වික්රමගේ පැමිණීම පිළිගත්, සී. අයි. ඩී. ඉන්ස්පෙක්ටර් ජයතුංග සිරිමෙවන්, ඔහුට අසුනක් පිළිගැන්නුවේය.
"ගොඩ එන්නට බැරි මහා ප්රපාතයක්.'' යි සටහන් පොත ජයතුංග වෙතට පෑ වික්රම, සිගරැට්ටුවක් දල්වා ගත්තේය.
" ම්.. ම...! ඇත්තම තමා. දැන් මොනවද අලුත් ආරංචි.'' සුසුමක් හෙලා වික්රම දෙස බැලූ ජයතුංග ඇසුවේය.
" කිසිම දෙයක් නැහැ. මිසිස් සුරියසේනගේ සාක්කිය නිකන්ම් නිකං වචන රැසක් පමණයි''

