මිනිස් හිතේ හාස්කම් 7 | Minis Hithe Haskam 7
Regular price
Rs 250.00
Regular price
Sale price
Rs 250.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
මෙරට ධනාත්මක චින්තනයේ මුල් බිජුවට වපුල පොත් පෙළක් ලෙසින් 'මිනිස් සිතේ හාස්කම්' හැඳින්විය හැකිය. සුමනදාස සමරසිංහයන් තමා අනුදත් සාර්ථකත්වයේ මංපෙත පාඨකයන් වෙත පෑවේ චින්තන ධර්ම විද්යාව නමිනි.
හැටේ දශකයේ අග භාගයේ සිට අඩසියවසකට ආසන්න කාලයක් ජනමන ප්රබෝධය කළ චින්තන ධර්ම විද්යා ඉගැන්වීම් අදටත් වලංගුව තිබීමෙන් පෙනී යන්නේ එහි ඇති සර්වකාලීන බවයි.
සියලු බාධක පරයා ජීවිතය ජයගත හැකි මං පිළිබඳව සරල, සිත්ගන්නා සුළු බස් වහරින් මෙන්ම සැකෙවින් ලිවීමට සමරසිංහයන් තුළ තිබූ නිසඟ හැකියාව මෙම පොත් පෙළ පාඨක ජනප්රියත්වය දිනාගැනීමට බලපෑ ප්රබල සාධකය විය.
'මිනිස් සිතේ හාස්කම්' පොත් පෙළ කෘති 10ක් දක්වා දිවෙයි. සමරසිංහයන් විසින් හඳුන්වාදෙන ලද චින්තන ධර්ම විද්යා සංකල්පය දේශන, වැඩමුළු හා පුවත්පතක් මඟින් තවදුරටත් සමාජගත කරන ලදී.
චින්තන ධර්ම විද්යා උපදෙස් පිළිබඳව ජීවිතය සතුටින් ගෙවන පිරිස ගැනද නිරන්තරව අසන්නට ලැබේ.

