මේඝ භාවත්‍රා | Megha Bhawaththra
Couldn't load pickup availability
මතකද එදා...? අර නපුරු මිනිස්සු ඔයාට විෂ ඊතල විද්දේ මෙන්න මේ තැනටමයි. භවයක් භවයක් පුරාම අපිව ඈත් කරලා තිබ්බ ඒ වේදනාකාරී මතකය අදටත් මේ සලකුණෙන් පේන්න තියෙනවා අයියේ.. මේ භවයේදී අපිට අපිව මුණගස්වන්නමයි දෛවය මේ සලකුණත් එක්කම ඔයාව ඉපැද්දුවේ.”
" සඳා..."
"හ්මි.. එදා ඔයා අන්තිම හුස්ම හෙළන මොහොතේ මට ඔයාගේ ළඟ ඉන්න බැරි වුණානේ, රත්තරනේ... අපේ දරුවාව රැකගන්න ඕන වුණ නිසා, පණ ඇද ඇද හිටපු ඔයාව දාලා මට යන්න වුණා. ආදරය වෙනුවෙන් රටක් රාජ්යයක් අතහැරපු ඔයාට, අන්තිම තත්පරයේ මමයි. දරුවයි ළග නැතුව ඇස් පියාගනිද්දී මොන තරම් වේදනාවක් දැනෙන්න ඇත්ද?”
“මේ අහන්න.. මගේ මැණික ගෙවුණු අතීතය ගැන හිතලා දුක් වෙන එක නවත්තන්න..”

