Skip to product information
1 of 2

මෙඩුසා | Medusa

Regular price Rs 700.00
Regular price Sale price Rs 700.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මේ හැම දෙයක්ම මෙලනිසා දැනගෙන හිටියා. කසාද බැඳලා මනුස්සයා රට ගිය ගැහැනියක් කියන්නෙ පිරිමියෙක් ඉස්සරහ සරාගීම වස්තුවක්. අවුරුදු තිස්පහ යන්නම් පහුවුණු හොඳ පස්සක් එක්ක උඩු තොල මත උපන්ලපයකුත් ඇති ගැහැනියක් කියන්නෙ පිරිමියෙක් අසරණ කරන තරමෙ අනුරාගයක්, එහෙම ගැහැනියක් පිරිමින්ට පේන්නෙම සෙක්ස් වෙනුවෙන්ම විවෘත වුණු දෙව්ලොවක කවුළුවක් වගේ.
මෙලනිසා ගැන වැදගත්ම දෙයක් කියන්න අමතක වෙලා. ඒ නමයි එයාගෙ පිටේ තියෙන සර්පයෙකුගේ ටැටූ එක. ඒක රවුම් තට්ටම්වලට ඉහළින් හරි මැදින් පටන් අරන් බෙල්ලෙ උර ඇට දෙක මැදින් කොඳු නාරටියෙ ඉහළට ඉස්සුණු ඇටය ළඟින් නතර වෙනවා. පිට දිගේ වෙළෙමින් ඉහළ නගින කොරපොතු නාගයෙක් කළු පාටට මෙල නීසාගේ සුදු පාට පිට දිගේ වැතිරිලා හිටියා.
මෙලනීසාට අප්රසන්නම සතා නමයි සර්පයා. කොරපොතු හැකිළෙමින් දිග හැරෙමින් සර්පයෙක් ඇදෙන හැටි දකිද්දි එයාගෙ ඇතුළෙ වාවගන්න බැරී හිරිකිතයක් ඇති වෙනවා. ඒක භීතිකාවක්. මේ වැටුව ඇන්නටම ඒ සර්ප හිරිකිතය යළි යළිත් මතක් කරනවා. හැබැයි එයාට ඒක පේන්නෙ අඩුවෙන්.
ඒක ලස්සනටම ජේන්නෙ එයාගෙ පිටිපස්සෙන් එයා එක්ක සෙක්ස් කරන කෙනෙකුට,

View full details
Ratings
Full view