Skip to product information
1 of 2

මතක මන්තර | Mathaka Manthara

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.

වලව් බිතිතියක් මත එල්ලෙන අනුලා කුමාහාමිගේ ඉපැරණි සේයාරුව දෙසට නෙත් යා කළ මහලු සේවිකා ජුබ්ලිනා එයින් පසු මා දෙස බැලුවාය .

" ඒ කාලේ .. ඒ ඈත අතීතයේදි.. අනුලා කුමාරිහාමි සෙනෙහෙවන්ත කම් පෑවේ නොගැලෙපෙන පිරිමියෙක්ට .. බණ්ඩාර අප්පෝ ඒ සම්බන්දෙට කොහෙත්ම කැමති උණේ නැහැ. අවසානේදි  අනුලා කුමාරිහාමිගේ සෙනෙහෙවන්තයාව මරලා දාන්නේ බණ්ඩාර අප්පොමයි. ඒදවස්වල ඒ ඇත්තිගේ සොහොන පැත්තෙන් එක එක ජායාවල් පේනවා වලව් වත්තේ බෙහෙත් පැළෑටි හොයන්න ආපු මිනිස්සු දැකලා තියනවා .. ඒ විතරක්ද .. පුරහද පායන සමහර හැන්දෑවල් වල ඒ ඇත්ති ඉකි ගගහ අඩන සද්දේ අපට ඇහුණත් ".

ජුබ්ලිනා විසල් කරගත් දෑසින් මදෙස බලමින් මවෙතට නැඹුරු වන්නේ රහසක් පවසන ඉගිතයක් මවා පාමින්ය. 

"නිවර්තනා කුමාරිහාමි ඉපදිච්ච දවසේ ඉදලම ඔය හැමදේම නැතුව ගියා.ඒ රූපෙමයි. ඒ හැසීරීමමයි . ඒක නිසයි හැමෝම කියන්න ගත්තේ . නිවර්තනා කුමාරිහාමි කියන්නේ වලව්වේ ඈත අතීතේ ඉපදිලා සියදිවි හානිකරගත්ත අනුලා කුමාරිහාමිගේ පුනුරුප්පත්තිය කියලා.."

ජුබ්ලිනා දැඩි විශ්වාසයෙන් යුතුව පවසන්නීය.

සැබවින්ම මා අනුලා කුමාරිහාමිගේ පුනුරුප්පත්තිය වීද. ඒ බැව් මම නොදැන සිටියෙමි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review