මාරාවේෂ | Marawesha
Couldn't load pickup availability
"හැබැයි ඔයාගේ තාත්තා නැති වුණ දවසෙ ඔයාලගෙ පැත්තට කරන්ට් එක තිබුණා. සාක්ෂිත් එක්ක බලද්දි එයා වත්තෙ කඩුල්ල පනිත වෙලාවෙම වගේ තමයි කරන්ට් ගිහින් තිබුණෙ."
හ්ම්.."
කොල්ලා හූ මිටි තැබීය.
"ඒ මොහොතෙ ඔයාට, ඔයාගෙ අම්මට, අක්කට එහෙම ක්ෂණිකව හැමදේම නොපෙනී යන්න ඇති. හැබැයි පොඩි වෙලාවකට පස්සෙ ඔයාලට ඒ ඡායාවන් පේන්න ඇති කියලා මම හිතනවා."
මිහිල් ගනේගොඩ කීවේ එම අවස්ථාව තරුණාගේ සිතේ පුනරාවර්ජනය කරමිනි.
" කොහොමටත් උපන් දා ඉඳන් ළඟ ඉඳපු අයව අඳුනගන්න කරන්ට් එක ම ඕනෙ නෑ අනුත්තර, ඒක කෙනෙක්ගේ සවෙනි ඉන්ද්රියට දැනෙනවා. මේ ළඟ ඉන්නෙ අම්මද අක්කද නැත්තං වෙන කෙනෙක්ද කියන එක දැනෙනවා. විශේෂයෙන්ම අනුත්තර වගේ සංවේදී ඉන්ද්රියන් තියුණු අයට,
''සර් මොකක්ද කියන්න හදන්නෙ...?"
මිහිල්ගේ කෙතරම් දක්ෂ වුව ද එම උගුලට අනුත්තර හසු වූයේ නැත. ඔහු පන්දුව නිදැල්ලේ හැරියේය. " මම ඉතින් මොනවා කියන්නද අනුත්තර සේරම දේවල් දන්නකොට....." එම ඇනුම් පදය නොතේරුණ තරුණයා පොලිස් නිලධාරීයා දෙස බැලුවේ ඇස් පුංචි කරමිනි.

