Skip to product information
1 of 2

මරණයේ ඔටුන්න | Maranaye Otunna (The Crown of Death)

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.

The Crown of the Death

"ඉක්කෲටස් ගැලැඩියාස්..." ගැඹුරු හඬකින් මුමුනන ලද ලැඩාක්ස් මන්ත්‍රයක් ඇසිණි.

ඒ සමඟ ම, කුටියේ අඳුරුතම මුල්ලකින් වාතය අස්වාභාවික ලෙස රැළි නැඟෙන්නට පටන් ගත්තේ ය. අවසන වාතය තුනී කඩදාසියක් මෙන් ඉරා දමමින් අඳුර විනිවිද, කළු ලෝගුවකින් මුහුණ සම්පූර්ණයෙන් ම ආවරණය කරගත්, උසැති පුද්ගලයෙකු හදිසියේ මතු විය. ඔහුගේ සිරුර වටා සීඩ්රන්ස් බල නාලිකා කිහිපයක් සර්පයින් මෙන් දඟලමින්, අඳුරු තැඹිලි පැහැයක් විහිදුවමින් තිබිණි. ඔහු ක්‍රියාත්මක වූයේ විදුලි වේගයෙනි. සයිරස්ගේ අත තවමත් පළිඟුව මත තිබිය දී ම ආගන්තුකයා ඉදිරියට පැන,

" ඉග්වෑඩස් හැමීඩස්..." යනුවෙන් මුමුනමින් පළිගුව සයිරස්ගේ ග්‍රහණයෙන් උදුරා ගත්තේය. ඒ සමඟ ම සියුම් කම්පනයක් ද සමඟින් සයිරස් පසෙකට විසිවිණි.

ක්ෂණයකින්, පෙර කී ආගන්තුකයා කුටියේ අනෙක් අන්තයට පසුබැස, තේරුම්ගත නොහැකි, ගුප්ත මන්ත්‍රයක් මිමිනුවේ ය. තවත් සිඩ්රන්ස් නාලිකා කිහිපයක් ඔහුගේ සිරුර වටා මතු වී, අවකාශය විකෘති කරන්නාක් මෙන් දිස් විය. ඔහු බිහිසුණු හැඟීමකින් සිනාසෙනවාක් මෙන් හැඟීමක් සයිරස්ටත්, නයිරියාටත්, ගැලටත් දැනිණි. ඊළඟ තත්පරයේ දී ඔහු පැමිණි සේ ම කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකර අභිරහස් ලෙස වාතය මධ්‍යයේ අතුරුදන් විය. Written by Upekshana Anuhas

View full details