මගේ ඉන්දියාව | Mage Indiyawa
Couldn't load pickup availability
සිය මුල් කෘති මගින්, ජිම් කෝර්බට්, මිනී කන ව්යාඝ්රයන් සහ දිවියන් දඩයම් කිරීම් පිළිබඳ උද්යෝගය තීව්ර ලෙස දක්වා ඇතත්, ඒ අතර ම, ඉන්දියාවේ ජනතාව ගැන ඔහු තුළ පැවති ගැඹුරු ඇල්ම ද පැහැදිලිව විද්යාමාන කළේය. 'මගේ ඉන්දියාව' කෘතියෙන් ඔහු ඉන්දියාවේ ජනතාව පිළිබඳව තම උපරිම විස්තරය ඉදිරිපත් කරයි. මේ පොතේ ඔහුගේ ම වචන වලින් කිවහොත් *......මා දන්නා ඉන්දියාවේ දස ලක්ෂ හාරසියයක් ජනතාව සිටින අතර එයින් සියයට අනුවක්ම දෙනා සරල, අවංක, නිර්භීත, පක්ෂපාතී සහ වෙහෙස මහත් සිටී වැඩ කරන පිරිසකි. ඔවුන් දිනපතා දෙවියන්ට සහ බලයේ සිටින කවර හෝ ආණ්ඩුවකට කරනු ලබන යාඥාව වනුයේ තම ජීවිත වලට සහ දේපල වලට ආරක්ෂාව ලබා දෙමින් තම තමන්ගේ මහන්සියේ ප්රතිඵල තම තමන්ට භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටීම ය. මෙම ජනතාව දුප්පතුන් බව සැබැවකි.........මා ජීවත් වූයේ ඔවුන් සමග ය. මම ඔවුන්ට ආදරය කරමි. මේ පොතේ පිටු අතරේ මා උත්සාහ කරන්නේ ඔවුන් ගැන කීමට....."
මහන්සි වී වැඩ කරන මිනිසුන් සැමවිට ම ප්රීතියෙන් සිටින්නේ ඔවුන්ට - සැම විටම සැබෑ කරදර වලට වඩා බරපතල - සිතෙන් හදා ගන්නා කරදර ඇති කරගැනීමට කාලයක් නොමැති නිසාය."
ජිම් කෝර්බට් ලේඛන කලාව පිළිබඳ සහජ දක්ෂතාවයක් තිබූ අයෙකි. මිනිසුන් ගැන වුවත්, සතුන් ගැන වුවත් ඔහුගේ කථා පාඨකයා නොකඩවා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි. මෙම පොතේ වැඩිපුර අවධාරණය කරන්නේ මිනිසුන් ගැන වුවත්, වන සත්තු ද ඔවුන්ගේ ඉතා වැදගත් භූමිකාව ඉටු කරති. මෙම අංශ දෙකෙන් ම ' මගේ ඉන්දියාව ' එහි කතුවරයාගේ සුවිශේෂී කීර්ති නාමය වඩාත් ඉහළ නංවයි.

