ලිලැක් | Lilak
Couldn't load pickup availability
ඔව් මේක සුන්දර යක්ෂ ලිවීමක්! මේක මායාකාර ලිලැක් මල් මිටක්! උගෙ ලිවීම පලාශ සාර දාර ඕක් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති වලක්
Amali Anupma Mallawaarachchi
ඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්තවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලිලැක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝපිමය මත් බවක මා සිරකළේ නොසිතු විරූ අයුරිනි. ඒ සුඟන්දයෙන් මත්ව අධි සාන්ද්‍රගත කැෆෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේශාව. ෆර්නැන්දෝ ඔබේ මේ ලිලැක් මායාව සදාකල් නොතැසී පවතීවා.
Gihan Sachintha
නිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නෙ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්, විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අද්දැකීම් මං වැළඳගන්නෙ හරිම ලෝඛකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගෙ හිත මත සමපාතවෙන හිතක් මට හමුවෙනවා යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ව දවස්වල වා ලියූ වචනයක් දෙකක් "ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දවයි, මද්දහනක උතන් ජනේලෙට එපිටහිං හිම වට්ටට්ටයි.
Damindri K. Colambage
ප්‍රේමයෙහි වඩාත්ම අසංස්පර්ශීය ගැඹුරක, විඳීම් යට සැඟවුණු විදුවීමදු, විදුවීම් තුළින් උපදින විඳීමද ගැන කිසිදා පරිපුර්ණ ලෙස වචන කළ නොහැකි හැඟීම් ලියත්තිය ඇය ය. ඒ සිහිනමය ලීවීමෙන් රිදවෙත ප්‍රේමයෙහි මතක මත් සාරයෙහි අග්‍රඵලය "ලිලැක්" ය. ඒ තුළ මැවුණු මායාකාරි වංකගිරිය තුළ අතරමං වන බොහෝ විට, මට මගේම ප්‍රේමය යළි යළිත් හමුවේ.
Nilan Rangana Bandara

