ලීසා සහ කැටපේ සමග වෙනත් රුසියානු ජනකතා | Leesa Saha Ketape Samaga Wenath Rusiyanu Janakatha
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
වනාන්තරයේ අතරමං වී ඒ මේ අත ඇවිද ගිය බළලා, අන්තිමේ දී ගස් කපන්නෙකුගේ පැල් පතක් දැක එයට ඇතුල් වුණා. ඉන් පසු එහි තිබු අටුවකට නැග එය තම නිවස බවට පත් කර ගත්තා. බඩගින්නක් ඇති වුණ විට අසල වනයට ගොස් කුඩා සතෙකු දෙන්නෙකු අල්ලා ගෙන කා දමා බඩ පුරවා ගත්තා. ඔහුට අල්ලා ගත හැකි කුඩා සතුන් ඕනෑ තරම් එම වනාන්තරයේ හිටියා. ඉතින් බඩගින්නක් දැනුනේම නැහැ. ඔහු දවස පුරා ගස් කපන්නාගේ පැල් පතේ අටුවට වී සුවසේ උණුසුමට නිදා ගත්තා. ඔය විදියට බළලාගේ සියලු කටයුතු බොහෝම සුව පහසු ආකාරයට සිදු වුණා.

