කුක්කු | Kukku
Couldn't load pickup availability
කුක්කු
මයේ අම්මගේ කතාව
පුංචි කාලෙ "අම්මා කුක්කු... අම්මා කුක්කු..." කිය කියා පොඩි උන් අම්මලගෙ තන් දෙකේ එල්ලෙන්නේ ජීවිතයේ ලබන පරම සතුට ලබනවා වගේ. පොඩි උන්ට මොනවද තේරෙන්නෙ... නැ... පොඩි උන්ට තමා ගොඩක් දේවල් තේරෙන්නෙ. පුංචි කාලෙ හිතට වදින දේවල් තමා මුළු ජිවිතයක් පුරාවටම හත්කලං කරන්නෙ...
දන්නවද.... අපේ අම්මා මට කුක්කු දුන්නෙ නැහැ. අම්මෙක්ගෙ දෙතනකට හිර වෙලා පුංචි පැටියෙක්ට ඕනෙ බඩ පුරවගන්න විතරක්ම නෙවෙයි. එතන තමයි පැටියගෙ ලෝකය... එතන තමයි පැටියගෙ උණුහුම... ආදරය, ආරක්ෂාව වැඩි පුරම දැනෙන තැන....
ඒත්... පුංචි කාලෙ මට ඒ උණුහුම ආදරය අම්මයෙන් ලැබුණෙ නැහැ!
පුංචි කාලෙ 'කුක්කු කිව්වම පොඩි උන්ට මතක් වෙන්නෙ අම්මෙක්ගෙ ආදරය පිරුණු ලේ කිරට හරවිච්ච මව් කිරි... එත් ලොකු වුණාම කුක්කු කිව්වහම අපිට මතක් වෙන්නේ ගැහැනියකගේ පිරිපුන් දෙතනකි. ලොකු වෙද්දි අපිට මොකක්දෝ වෙනවා බං!
අපි කතන්දරයක් කියවමුද? හැබැයි මේක මගේ කතාව... නොවේ...
මයෙ අම්මගෙ කතාව!

